Git Hub භාවිතා කරන්නේ කොහොමද?- දෙවන දිගහැරුම

Git Hub භාවිතා කරන්නේ කොහොමද?- දෙවන දිගහැරුම

ඔන්න යාළුවනේ පොරොන්දු උන විදියට දෙවන කොටසත් අරන් මම ඔයාල හමුවට ආවා..😊😊

ඔයාලට මතක ඇතිනේ මුල් කොටසෙන් අපි  Git Hub කියන්නේ මොකක්ද? Git  කියන්නේ මොකක්ද? Git Hub එකෙන්  මොනවද කරන්න පුළුවන්? කියන දේවල් ගැන ඔයාලත් එක්ක කතා කළා.

අද පාඩමෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Git install කරගන්න ආකාරය සහ Git Hub එකට project එකක් add කරගන්නා ආකාරය ගැනයි.

Git Hub කියන්නේ මොකද්ද කියලා දැනගත්තට වැඩක් නෑනේ ඒක use කරන්න දන්නේ නැත්නම්..

අපේ  අද පාඩම තමා Git Hub භාවිතා කරන්නේ කොහොමද කියලා කියන එක..

හරි අපි මුලින්ම බලමු ඔයාගේ PC එකේ Git install කරන්නේ කොහොමද කියලා..

ඔයාගේ PC එකේ තියන Web Browser එකට open කරලා මෙන්න මේ Link එකට යන්න..
                                   
                                                   https://git-scm.com/downloads

 ඔයාලගේ OS(Operating System) එකට ගැලපෙන එක බාගන්න..😝😝 (download කරගන්න හොදේ..)

ඊට පස්සේ ඉතින් download කරගත්ත file එක install කරගන්න තමා තියෙන්නේ.. download කරගත්ත file එක open කරලා  Next කියන button click කරගෙන ගිහින් අන්තිමට Finish කියන එක click කරන්න.
ඕක ඉතින් බබාලට වගේ step by step කියන්න ඕනෙ නෑනේ නේද?..

හරි දැන් Search bar "Git" කියලා type කරලා බලන්නකෝ..


එහෙම Search කලාම ඔහොම එකක් ආවනම් වැඩේ ගොඩ.😆😆
දැන් එහෙනම් ඔය Git Bash කියන එක open කරන්නකෝ..
එතකොට අපිට command  prompt එක වගේ එකක් දැක ගන්න පුළුවන්.. 

දක්ෂ දරුවෙක්ට  දැන් මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද අපි බලාගන්නේ හරියටම git අපේ PC එකේ install වෙලාද කියලා..
ඒක බලන්න Git  Bash   එකේ  හරි command line එකේ හරි git කියලා  type කරන්නකෝ.. වැඩේ හරියටම වෙලා නම් මෙන්න මෙහෙම එකක් ඔයාට දකින්න පුළුවන් වෙයි.


හරි ඔන්න දැන් අපි git install කරලා ඉවරයි..🙌

ඔන්න දැන් අපි Git Hub එකේ වැඩ පටන් ගන්නයි යන්නේ.. කට්ටියම ලැස්තිද.?

මුලින්ම අපි අපේ project එකක් Git Hub එකට add කරන හැටි බලමු..

මම කලින් පාඩමේ කියලා දුන්න මතක ඇතිනේ Git Hub use කරලා මොකද කරන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ විදියට අපේ තියන project එකක් Git Hub එකට දාන්නයි හදන්නේ..

මුලින්ම https://github.com කියන site එකට ගිහින් Git Hub account එකක් හදාගන්න. දැනටමත් හදල තියනවනම් අලුතින් හදන්න ඕනෙ නැ.

හරි දැන් account එකට Sign In වෙන්නකො හැමෝම..



දැන් හැමෝටම මේ වගේ එකක් දකින්න පුළුවන් වෙයි..

අපි දැන් අපේ project එක add කරන්න අලුතින් Git repository එකක් හදාගන්න ඕනෙ. Repository ගැනත් මන් ඔයාලට කලින් පාඩමේදී කියලා දුන්නා මතක ඇතිනේ..


ඔය විදියට උඩ තියන +  ලකුණ click කරලා New repository click කරන්න.


හරි දැන් අපිට කැමති නමකින් අපේ repository එක නම් කරගන්න පුළුවන්. මාගේ එකේ මම "My First File" කියලා නම් කරලා තියෙන්නේ ඔයාලට පේනවා ඇතිනේ. තව අපේ repository එක ගැන පොඩි විස්තරයකුත් එකතු කරන්න පුළුවන්.

ඒවගේම තව දෙයක් ඔයාලට කියලා දෙන්නම් අපිට පුළුවන් මේ repository එක Private එකක් විදියට හෝ Public එකක් විදියට හදාගන්න.

මේ දෙකේ වෙනස ගැනත් ඔයාලට පොඩ්ඩක් කියලා ඉන්නම්..

Private  - මේ repository එක කාටවත් පෙන්නන්නේ  නැහැ.
Public   - මේ repository එක නම් වෙන අයට පේනවා. එවගේම එයාලට ඕනෙ නම් මේක Clone හෝ                          Download කරගන්න පුළුවන්. (clone ගැන ඉස්සරහට කියලා දෙන්නම්කෝ..)

මේ දේවල් ගැන තව ඉස්සරහට කරුණු කියලා දෙන්නම්.

README file එක පස්සේ එකතු කරගන්නවනම් තමා වඩාත් සුදුසු වෙන්නේ. මොකද අපිට එන errors වලක්වාලීමට පුළුවන්.
හරි දැන් අපිට කැමති විදියට අවශ්‍ය repository එක select කරලා Create repository කියන button එක select කරන්න තියෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ එකක් එයි.



දැන් එහනම් Git Bash එක open කරන්නකෝ හොද ළමයි වගේ..👦👧👦👧👦👧

open කලාට පස්සේ ඔයා upload කිරීමට අවශ්‍ය file එක තියෙන directory එකට cd commands use කරලා යන්න.
 උදා :-
          මට අවශ්‍ය file එක desktop එකේ තියනවා කියලා හිතමුකෝ..
           cd Desktop/ යනුවෙන් bash එකේ type කරන්න.


ඔන්න ඔය විදියට අපිට ඕනෙ directory එකට යන්නකෝ..

තවත් පහසු විදියක් තියනවා ඒකත් කියලා දෙන්නම්.





- ඔයාට upload කරන්න තියන file එකට යන්න.

- දැන් Right click කරන්න.
- Git Bash Here කියන එක select කරන්න.
- එතකොටත් කලින් විදියටම අපිට අවශ්‍ය කරන directory එකේම Git Bash එක open වෙනවා.



හරි ඊළගට අපි අපේ directory එක initialize කරගමු.
git init  

repository එකට files add කරගමු.
git add .

අපි add කල files commit කිරීම.
git commit -m "first commit" 

මෙමගින් අපි project එකේ සිදු කළ වෙනස්කම් ගැන අපිට සදහන් කරන්න පුළුවන්. එමගින් අපිට පසු දිනක වුවද වෙනස්කම් ගැන බලාගන්න පුළුවන්. 

ඊට පස්සේ Git Hub page එකට ගිහින් repository එකේ URL එක copy කරගන්න.

දැන් මෙහෙම type කරන්න.
git remote add origin https://github.com/hasithaWalpola/My-First-File.git

අන්තිමට තියෙන්නේ push කරන්න.
git push -u origin master

ඔන්න ඔය පිළිවෙලට commands ටික හරියට enter කළා නම් වැඩේ ගොඩ.💪💪


බලන්නකෝ ඔයාලගෙත් මෙහෙම අවදා කියාලා..


ඔන්න එහෙනම් අපි අපේ project එක Git Hub එකට upload කලා. හිතන තරම් අමාරු නැ නේද?

ඔන්න ඔය commands ටික තමා මතක තියාගන්න ඕනෙ Git Hub එකට මොනවා හරි දාන්න..
අදට මන් කතා කරන්නේ ඔච්චරයි.. වැඩිය කියන්න ගියොත් එපා වෙනවනේ.
ඒ වගේම Boring වෙනවා..

හැමෝටම අද කතා කළ දේවල්  ගැන හොද අවබෝධයක් ඇති කියලා හිතනවා.. මොනවා හරි ප්‍රශ්නයක් මතු වුනොත් ලජ්ජා වෙන්නේතුව අහන්න ළමයි..

තව ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න.  git commands ගැන, code  එකේ වෙනස්කම් කලාම ඒවා save කරන්නේ කොහොමද? වෙන කෙනෙක්ගේ repository එකක් fork කරන්නේ කොහොමද? pull කරන්නේ කොහොමද? යන කරුණු ගැන ඉස්ස්රහට කතා කරන්නම් ඔයාලත් එක්ක.

එහෙනම් දැනට මන් සමු ගන්නවා.. 

ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු..✋



Git Hub භාවිතා කරන්නේ කොහොමද?- දෙවන දිගහැරුම Git Hub භාවිතා කරන්නේ කොහොමද?- දෙවන දිගහැරුම Reviewed by Hasitha Walpola on April 10, 2017 Rating: 5

10 comments