Git Hub භාවිතා කරන්නේ කොහොමද?- පළමු දිගහැරුම

Git Hub භාවිතා කරන්නේ කොහොමද? - පළමු දිගහැරුම

හොදයි  මම මේ කොටසෙන් ඔබ වෙත කියා දෙන්න යන්නේ Git Hub භාවිතා කරන්නේ කොහොමද කියලා. ගොඩක්  අය මේ ගැන අහල තිබ්බට හරි අවබෝධයක් නැහැ.. ඉතින් මගේ මූලික අරමුණ තාමා       සරලව Git Hub ගැන ඔයාලට කියලා දෙන එක.

මෙම පාඩම් සියල්ලම කොටස් වශයෙන් තමා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ..

හරි අපි පාඩම පටන් ගමු.
ඊට කලින් අපිට එන ප්‍රශ්නයක් තමා මොකද්ද මේ Git Hub කියන්නේ කියලා. 
ඒ නිසා මම මෙම කොටසින් මුලින්ම Git Hub ගැන සාකච්චා කරලා ඉන්නම්...

ඇත්තටම  මේ Git Hub යනු කුමක්ද?? 

Git Hub කියන්නේ මොකක්ද කියලා දැනගන්න කලින් අපි මුලින්ම Git කියන්න කුමක්ද කියලා තේරුම් ගත යුතුයි.

Git යනු විවෘත මුලාශ්‍ර වෙළුම්(අනුවාදය) පද්ධතියක් වේ. දැන් ඔයාල කල්පනා කරනවා ඇති මේ මොන කුණුහරපයක් කියනවද කියලා. 😆

හරි එහෙනම් තේරෙන භාෂාවෙන්ම කියන්නම්කො.
Git is an Open-Source Version-Control system.

මේ Git කියන Version-Control system එක ආරම්භ කලේ Linus Trovalds කියන පුද්ගලයා තමා. ඔහු තමා Linux කියන මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලෙත්.

Linus Trovalds

Git වගේ තවත් version-control systems තියනවා. අපි ඒවා ගෙනත් පොඩ්ඩක් දනගෙනම යමු ඉස්සරහට.
eg :- Subversion, CVS, Mercurail

දැන් හැමෝමටම පොඩි හරි අදහසක් ඇති Git ගැන.


Git Hub යනු,

මෙන්න මේ Git කියන version-control system එක භාවිතා කරන සමාගමක් තමා Git Hub කියලා කියන්නේ.

මේ Git කියන version-control system එක භාවිතා කරලා repositories හදලා share කරන්න දෙන Hosting Company එකක් කියලත් මෙම Git Hub සමාගම හදුන්වන්න පුලුවන්.

Git  කියන්නේ Command Line tool(මෙවළමක්) එකක්. Git Hub මගින් එයට අවශ්‍ය වෙබ් මූලික කරගත් අතුරු මුණතක්(Web-based graphical interface )  සපයයි. 

Repository එකක් කියන්නේ කුමක්ද?

අපගේ Project එකේ ඇති සියලු දත්ත, ලිපිගොනු(Files) ගබඩා කළ හැකි ස්ථානය තමා Repository  එකක් කියලා හදුන්වන්නේ. එම සෑම project  එකක් සදහාම එයට අදාළ වූ අනන්‍ය Repository එකක් ඇති අතර එයට අනන්‍ය වූ URL එකකින් එයට ඇතුල්විය හැක.(You can  access the repository by it's unique URL)


Git Hub භාවිතා කරලා මොනවද කරන්න පුළුවන් ?

Git Hub වලින් අපිට  මොනවද කරන්න පුළුවන් කියලා සරලව කතා කරලම ඉන්නම්...

හරි අපි කියමු ඔයාට group project එකක වැඩ කරන්න වෙලා තියනවා කියලා.. 
දැන් ඔයාට task 2ක් තියනවා.
             1.) Code  එකක් ලිවීම.
             2.)මෙම project එක team එකක් විදියට කරන එක. මම එයින් අදහස් කලේ එක පුද්ගලයෙකුට වඩා මෙම code එක ලියන්න වගකීමක් ගන්නවා කියන එක.

හරි.. ඔන්න දැන් ඔයා "Hello World" program එක ලියනවා කියලා හිතමුකෝ. ඒත් ඔයාගේ යාළුවා/ කණ්ඩායමේ කෙනෙක් කියනවා එක Hello World නෙමේ ඒක "Hello Sri Lanka" කියලා  වෙනස් වෙන්න ඕනේ කියලා..😮😮

දැන් මොකද ඔයා කරන්නේ..  මමනම් කියනව යාලුවට බම්බු ගහන්න කියලා😁😁

මේ  program එකේ ඔයා ළග තියෙන්නේ එක copy එකක්, යාළුවා ගාව තියෙන්නේ වෙනම copy එකක් එයාගේ ප්ක එකේ.
අපි කියමු දැන් ඔයා මේ code එක වෙනස් කළ කියලා. ඒත් ඒ අවස්ථාවේ ඔයාගේ යාළුවා දන්නේ නැ ඔය මොනවද වෙනස් කලේ කියලා...

ඔන්න දැන් තම Git Hub වල මැජික් තියෙන්නේ පුතේ...

1.) අපේ code එක online save  කරන්න Git Hub අවස්ථාව සලසා දෙනවා.
2.) අපි කරන වෙනස්කම් මොනවද කියලා අපේ කණ්ඩායමේ ඉන්න අනිත් අයට බලන්න අවසථාව Git Hub සලසා දෙනවා.
3.) අපේ code එකේ මොනවා හරි අඩු පාඩු තිබ්බොත් ඒවා ගැන සාකච්චා කරන්න අපිට පුළුවන් වෙනවා.

අපි මේ කතා කලේ පොඩි code කෑල්ලක් ගැන... 
මතක තියාගන්න මේක Software Developers විතරක් use කරන එකක් නෙමේ හොදේ.. ඕනේ කෙනෙක්ට මේක use කරන්න පුළුවන්. 
සරළව කිව්වොත් Word Document එකක් උනත් online save කරලා වෙනස් කරන්න පුළුවන්..

ඒ විතරක් නෙමේ තව ගොඩක් දේවල් තියනවා.. ඒවා අපි ඉස්සරහට කතා කරමු. ඔක්කොම එකට කිව්වොත් අගයක් නෑනේ.. 😜😛😛😛

මම හිතවනවා Git Hub use කරන්න කලින් පොඩ්ඩක් වට පිටාව ගැන කතා කළ එක ඔයාලට වෙදගත් කියලා. ඒ වගේම Git Hub ගැන හොද idea එකක් ලැබෙන්නැති කියලත් විශ්වාස කරනවා. 

Git Hub use කරන්නේ    කොහොමද කියලා  දෙවන කොටසින් කියලා දෙන්නම්..

එහෙනම් දැනට මන් සමු ගන්නවා.. 

ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු..✋

Git Hub භාවිතා කරන්නේ කොහොමද?- පළමු දිගහැරුම Git Hub භාවිතා කරන්නේ කොහොමද?- පළමු දිගහැරුම Reviewed by Hasitha Walpola on April 02, 2017 Rating: 5

14 comments

  1. very useful topic, continue posting

    ReplyDelete
  2. දැනගෙන හිටියේ නැහැ Git Hub කියන්නේ මොකක්ද කියලා. දැනුවත් කරාට ස්තුතියි.

    ReplyDelete
  3. very interesting article...keep it up :)

    ReplyDelete
  4. එ්ක මාර විදිහට වැදගත් වුනා, නියමයි

    ReplyDelete
  5. Nice one Hasitha!Really got to know about GitHub basically.Thank You!

    ReplyDelete
  6. Excellent post! well done (y)

    ReplyDelete

  7. Explained very well....easy to understand...Keep up the good work...

    ReplyDelete
  8. Good article machan. Keep up the good work

    ReplyDelete